පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අති උත්කර්ෂවත් අන්දමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2025.09.04 දින පැවැත්විය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම්
කුෂාණි රෝහණධීර මැතිණියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස බේරත්න මැතිතුමා ව්‍යවස්ථාදායක සේවා සහ සන්නිවේදන අධ්‍යක්‍ෂක (වැඩ බලන) ජයලත් පෙරේරා මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක මේජර් නදීක දංගොල්ල මැතිතුමා මහජන සේවා නිලධාරි දුමින්ද වික්‍රමසිංහ මැතිතුමා සහ
මහජන සේවා සම්බන්ධීකාරක එස්. ජෙය ප්‍රකාෂ් මැතිතුමා
ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්භාවනීය අමුත්තන් රැසක් මීට සහභාගී විය.
විද්‍යාලයීය විදුහල්පතිනි එච්. මහේෂිකා විජයරත්න මැතිනිය,නියෝජ්‍ය විදුහල්පතිනි මධුෂිකා අමරතුංග මැතිණිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක්ද මීට එක් විය.
මෙලෙස පැරැණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ සිට මංගල සැසිවාරය පැවැත්වීමේ මහඟු අවස්ථාව ලබාගත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයයේ දරු පිරිස ඉතා භාග්‍යවන්ත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මැතිණිය පැවසීය.